පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන දමයන්ති ගුණවර්ධන මහත්මියවත් සහ වරාය අධිකාරියේ හිටපු සභාපති පි‍්‍රයත් බන්දු වික‍්‍රමගේ මහතාගේ බිරිඳ වන චන්දිමා කුමාරි මහත්මියත්, මුදල් විශූද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) ගෙනවිත් ප‍්‍රශ්න කර තිබේ.
මන්ත‍්‍රීවරයාට සහ හිටපු සභාපතිවරයාට අදාළව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල අවශ්‍යතාවය සඳහා මෙම ප‍්‍රශ්න කිරීම සිදුකළ බව, ඒ පිළිබඳව කොළඹ අද(11) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.
මෙම ප්‍රකාශවලින් අනතුරුව නීතිපති උපදෙස් මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.
Share this: