අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාවන්ට අදාළ වාර්තාව මෙම සතිය තුළ තමාට ලැබීමට නියමිත බවයි.
තවදුරටත්, අමාත්‍යවරයා කියා සිටියේ මේ පිළිබඳ සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් එම වාර්තාව සකසන බවයි.
අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නියෝගය මත මෙම කමිටුව පත් කලේය.
මෙහි විසේසත්වය වන්නේ, පරිපාලන ක්‍ෂේත්‍රයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විගණන නිලධාරියකු මෙම කමිටුවට ඇතුළත් වීම වේ.
පසුගිය කාලය තුළ සිය අමාත්‍යාංශයේ හා ඒ මගින් ආවරණය වන ආයතනවල සිදු වූ වංචා දූෂණ තොරතුරු මෙම ත්‍රිපුද්ගල කමිටුව මඟින් විමර්ශනය කරනු ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රධාන විගණන නිලධාරියා මෙම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, ඒ සම්බන්ධ රහස්‍යභාවය සුරකෙන ලෙස කටයුතු කරයි.