ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද(05) වීදි සංචාරය කෙරේ.

දළදා මාලිගය අභියසින් අද රාත්‍රි 07.02ට දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන්ගැනීමට නියමිතය.

අදින් ආරම්භ වන කුඹල් පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කරනු ලැබේ. අනතුරුව ලබන 10 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ. අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කරනුයේ නිකිණි පුන් පොහෝ දිනයි.

මහජන ආරක්ෂාව උදෙසා විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර කිසිදු බියකින් සැකයකින් තොරව පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙසත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනතාවට දන්වා සිටියි.

Share this: