ඉන්දියාවේ මුම්බායි හි පිහිටි නාවික හමුදා කඳවුරක සේවයේ නියුතු සෙබළුන් 15-20 ත් අතර පිරිසකට නව කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරුවී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ මෙලෙස කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ නාවික හමුදා සෙබළුන් කඳවුරේ පිහිටා ඇති රෝහල තුල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මෙම නාවික හමුදා සෙබළුන් සමග සමීපව ඇසුරු කළ අනෙක් පිරිස් සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ අතර ප්‍රංශයට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් Charles de Gaulle නෞකාවේ සේවය කරනු ලබන නාවිකයින් 1,081 දෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා.
එමෙන්ම අමෙරිකාවේ යුධ නෞකාවක් වන Theodore Roosevelt හි සේවයේ නියුතු නාවික සෙබළුන් 660 දෙනෙකුටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා.
Share this: