කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
නව ලංකා නිදහස් පක්ෂය කළුතර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන තුරු කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අධිකරණය විසින් වළක්වා තිබේ.
නඩුව 2023 මැයි 12 දිනට නියම කර ඇත.
Share this: