ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමා 83 වැනි වියේ පසුවිය.
1939 නොවැම්බර් 13 වන දින උපත ලද ගල්හේනගේ රත්නපාල පෙරේරා දශක පහකට අධික කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් සමඟින් රූපවාහිනී කතාමාලා 600 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත.
ජී.ආර්. පෙරේරා, 1971 වසරේ තිරගත වූ ‘වැලිකතර’ චිත්‍රපටයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ සුළු චරිතයකිය.
ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය සිදු වූයේ තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘තුන්කල් සිහිනය’ කතාමාලාවෙන්. ‘දූ දරුවෝ’ කතා මාලාවේ ‘මලකඩ බාස්’ චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය.
ඔහු ඉන්දියානු, ඇමරිකානු සහ ජර්මානු චිත්‍රපට තුනක් ඇතුළත් විදේශීය චිත්‍රපට හයකට ද රංගනයෙන් දායක වී ඇත.
1980 දී ඔහු ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් විචාරක සම්මානයක් දිනා ගත්තේය. 2007 වසරේ ‘චක්‍රායුදය’ ටෙලි නාට්‍යයේ චරිතය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය ද පෙරේරාට හිමි විය.
ඔහු වරක් රයිගම් ටෙලීස් හි වැඩිම ටෙලිනාට්‍ය සංඛ්‍යාවක රඟපෑම සඳහා සම්මානය දිනා ඇත.
දිගු කලක් රෝගාතුරව සිටි පෙරේරා මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. ජී.ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවිය.