ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජක ක්‍රීම් ග්‍රෑන්ඩ්පාස් රූපලාවන්‍යාගාරයක!

ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජක ක්‍රීම් ග්‍රෑන්ඩ්පාස් රූපලාවන්‍යාගාරයක!

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක තිබී රූපලාවන්‍යාගාරවල භාවිත කරන ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, ඖෂධ ඇතුළු නිෂ්පාදන වර්ග 58කින් යුත් විශාල තොගයක් සොයා ගැනුණා.

පොලිසියට ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදු කර ඇත.

ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජක ක්‍රීම් වර්ග ගණනාවක් ද එහි තිබී හමුවූ බව පැවසේ.

මෙම නිෂ්පාදන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හරහා වසර 4ක් තිස්සේ මෙම ද්‍රව්‍ය අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් එම ආයතනයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේය.

Share this: