පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන ගංගා කිහිපයක සහ ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අත්තනගලු ඔය, කැලණි, නිල්වලා, කළු සහ ගිං ඇතුළු ගංඟා රැසක ජල මට්ටම මේ වනවිට ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කෙසේ වෙතත්, වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර ප්‍රකාශ කළේ මෙතෙක් ලැබී ඇති වර්ෂාපතනයේ දත්තවලට අනුව ඉදිරි පැය 24 තුළ ප්‍රධාන ගංගා කිසිවක් ගංවතුර මට්ටමට පැමිණීමේ අවදානමක් නොමැති බවයි.
දිවයින පුරා ඇති ප්‍රධාන වාරි ජලාශවල සියලු ධාරිතාව මේ වන විට සියයට 67ක් පිරී පවතින බවද සුගීෂ්වර මහතා සඳහන් කළේය.
මේ අතර, පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කර තිබේ.
Share this: