ප්‍රංශය කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටනට!

ප්‍රංශය කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටනට!

පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දෙවැනි ස්ථානයට පත්වූ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාව සමගින් තරග වදිනු ඇත.

මොරොක්කෝව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගෝල 2-0කින් පරාජයට පත් විය.

තරගය ආරම්භයේදීම ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට theo hernández සමත් විය.

තරගයේ 5 වැනි මිනිත්තුවේදී ඔහුගේ සුපිරි ප්‍රහාරය මොරොක්කෝ ගෝල රකින්නාට උඩින් ගොස් ගෝලයක් වාර්තා කළේය.

අනතුරුව පළමු අර්ධය අවසන් වනතුරුම දෙපිලම පාපන්දු පිටිය උණුසුම් කරමින් සිටියද ගෝල වාර්තා කිරීමට ඔවුන් අපොහොසත් විය.

ඒ අනුව ප්‍රංශය පළමු අර්ධය නිමා කළේ ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන්.

දෙවැනි අර්ධයේදී ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයෙක් තම රට හමුවේ තවත් ගෝලයක් වාර්තා කළේය.

තරගයේ 79 වැනි මිනිත්තුවේදී Randal Kolo Muani ගෝලයක් වාර්තා කළේය.

ඒ අනුව ලබන ඉරිදා (18දා) ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වේ.

Share this: