කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ අපරාධ කල්ලි සාමාජික සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් “කුඩු අංජු” සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අවධාරණය කළේ අදාළ සැකකරු සම්බන්ධයෙන් දැනටමත් නීතිපතිවරයා දැනුවත් කර ඇති බවයි.
කුප්‍රකට අපරාධකරු පසුගිය බදාදා (අප්‍රේල් 26) ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් අතර ජාත්‍යන්තර පොලිසිය මගින් ‘කුඩු අංජු’ අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසීය.
Share this: