යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 12 වැනිදා අවසන් කළේය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය අධිෂ්ඨානය නිසි පරිදි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම් දෙනු ඇත.
යෝජිත පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර මහතා ඇතුළු පාර්ශවයක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කණිෂ්ක විතාරණ කියා සිටියේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ජනතාවගේ ඡන්ද අයිතියට බලපාන බව පෙන්වා දුන් අතර, එබැවින් පනත් කෙටුම්පත සම්මත කර ගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තම තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත භාර දෙන බවයි.