පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකියි

පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකියි

පැරණි මනාප ක්‍රමයට හෝ අලුත් කොට්ඨාස ක්‍රමයට හෝ කුමන අයුරකින්වත් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව පක්ෂයේ නීති විශාරදයන්ගේ මතය යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු හැකියාවක් නැතැයි ද පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන්න පක්ෂයේ මතය යැයි ද මහලේකම්වරයා කීය.

එජාප මහලේකම්වරයා මෙම අදහස පළ කළේ ජනාධිපතිවරයා විසින් සීමානිර්ණ වාර්තාව ගැසට් පත්‍රයේ පළ කරන්නේ නම් හෝ පැරැණි ඡන්ද ක්‍රමය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුනහොත් හෝ ඔක්තෝබර් 15 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා කළ ප්‍රකාශය ගැන කළ විමසීමේදීය.

රටේ හටගෙන ඇති දේශපාලන ව්‍යාකූලත්වය අවසන් කිරීමට නම් විධායක බලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතු යැයි කී හෙතෙම ඒ සඳහා ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි අවධාරණය කළේය.

මේ නිසා පළාත් සභා මැතිවරණයක් ගැන කතා කිරීමම නිශ්ඵල ක්‍රියාවක් යැයි ද එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: