UNP පළාත් සභා මන්ත්‍රී උපුල් ඇතුළු 9 කට වැඩ වරදී.

UNP පළාත් සභා මන්ත්‍රී උපුල් ඇතුළු 9 කට වැඩ වරදී.

සබරගමු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙකු වන උපුල් ශාමේන් බණ්ඩාර ඇතුළු 9 දෙනෙකුට 16 හැවිරිදි දැරියක් දූශනය කිරීමේ වරදට සබරගමු පළාත බද මහාධිකරණය විසින් අධි චෝදනා ගොනු කර තිබෙනවා.තවද එවැනි චෝදනා 10 කට එරෙහිව අධි චෝදනා ගොනු කොට තිබෙනවා.

කෙසේ නමුත් අධිකරණය හමුවේ ඔහො පවසා ඇත්තේ මෙ සියලුම චෝදනා වලට තමා නිවැරදිකරු බවයි.ඒ අනුවා එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප 2ක් මත ඔවුන් ඇප මත නිදහස් කරීමට මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයින්තුඩුව මහතා නියෝග කර තිබෙනවා.

ඉන් පසුව නිදහස් වුන මන්ත්‍රී වරයා රැගෙන යාමට පැමිණ ඔහුගේ ඩිෆෙන්ඩෙර් රථය අධිකරණ භූමියටම විත් රැගෙන යාම සුවිශේෂි සිද්ධියක් උනා.මන්ද මෙලෙස අධිකරණ භූමිය තුළට රැගෙන යා හැක්කේ විනිසුරුවන්ගේ හා කාර්යය මණ්ඩලයේ වහන පමණක් නිසාවෙනි.මීට පෙරඩ එවැනිම සුවිශේෂී සිද්ධියසි මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු උනා.

Share this: