පළාත් පාලන ආයතන 340ක නිල කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මහ නගර සභා 29ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
දිවයිනේ පළාත් පාලන ආයතන 341ක් ඇතත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවීම ප්‍රමාද වූ නිසා එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් වන්නේ නැත.
ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් පසු පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට පත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
Share this: