පළාගිය සැකකරු යලි අත්අඩංගුවට

පළාගිය සැකකරු යලි අත්අඩංගුවට

පුත්තලම මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය සිරකරුවෙකු නැවත අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී ඊයේ(14) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බව යි.

පසුගිය 13 වන දින නවගත්තේගම ප්‍රදේශයේ නිධානයක් ලබාගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරමින් සිටියදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි.

එහිදි එක් සැකකරුවෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබු අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ඊයේ උදෑසන පළාගොස් ඇත.

නැවත ඔහු පස්වරුව වන විට අත්අඩංගුවට ගැනීමට හැකිවු බව නවගත්තේම පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: