පසුගිය රජයෙන් කිසිම සහයක් ලැබුනේ නැ

පසුගිය රජයෙන් කිසිම සහයක් ලැබුනේ නැ

දුම්කොළ සහ මධ්‍යසාර පාලනය සඳහා පෙර පැවති කිසිදු රජයක් ප්‍රමාණවත් උත්සාහයක් නොගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තවද ඔහු පවසන්නේ, වසර පහකට ආසන්න කාලයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් පෞද්ගලිකවම දුම්කොළ සහ මධ්‍යසාර පාලනයට ගත් උත්සාහ ගත් බවයි.

නමුත් ඒ වෙනුවෙන් අවශ්‍ය නායකත්වය එවකට සිටි රාජ්‍ය නායකත්වයෙන් නොලැබීම පිළිබඳව ද තමා කනගාටුවට පත් වන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ දුම්කොල වලින් තොර ශ්‍රී ලංකාවක්“ ජාතික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

තවදුරත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ නව රජය බලයට පත්වීමත් සමග මෙරට දුම්කොළ සහ මධ්‍යසාර පාලනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට තමන් විෂය භාර අමාත්‍යවරයාට සහ ඊට අදාළ ආයතනවලට උපදෙස් ලබාදුන් බවයි.

දුම්කොළ සහ මධ්‍යසාර පාලනයට විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අරමුණ සාක්ෂාත් කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද එහිදී සඳහන් පැවසීය.

Share this: