පසුගිය මාස 9 තුළ වාහන 1,466ක් හොරු අරන් ගිහින්!

පසුගිය මාස 9 තුළ වාහන 1,466ක් හොරු අරන් ගිහින්!

මේ වසරේ මුල් මාස 9 ඇතුලත වාහන සොරකම් කිරීමේ සිද්ධීන් 1406 ක් වාර්තා වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

පසුගිය වසර සමග සැසදීමේ දී මේ වසර තුළදී වාහන සොරකම්කිරීම් වල වර්ධනයක් තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

වසරේ මුල් මාස නමය තුළ ත්‍රීරෝද රථ සොරා ගැනීම් 311 ක්, යතුරු පැදි සොරා ගැනීම් 1116 ක්, කාර් රථ සොරා ගැනීම් 14 ක් සහ වෑන් රථ සොරා ගැනීම් 25 ක් වාර්තා වී ඇත..

මේ බොහෝ සොරකම් සිදුවී ඇත්තේ එම වාහන වල හිමිකරුවන්ගේ නොසැලකිලිමත්කම නිසා බවද පොලිසිය පැවයි.

Share this: