පස් කැපූ පස් දෙනෙක්  අත්අඩංගුවේ

පස් කැපූ පස් දෙනෙක් අත්අඩංගුවේ

ඊයේ (06) පස්වරුවේ, අම්බලන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ අනවසරයෙන් පස් කපමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල විෂ මත්ද්‍රව්‍ය ඒකකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් මෙසෙ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.

ඔවුන් සමග ටිපර් රථ පහක් සහ පස් කැපීමට යොදා ගන්නා යන්ත්‍රයක් ද පොලීසිය බාරයට ගෙන ඇති අතර, ලබන 11 වැනිදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති බව අම්බලන්තොට පොලීසිය සඳහන් කළේය.

Share this: