පස් කන්දකට යටවී දෙදරු පියා අවසන් ගමන් යති

පස් කන්දකට යටවී දෙදරු පියා අවසන් ගමන් යති

බදුල්ල – බණඩාරවෙල මාර්ගය අසල භුමියක පස් බැම්මක් සඳහා ආරක්ෂිත ගල් වැටියක් ඉදිකරමින් සිටිය දී පස් කන්දකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බදුල්ල, හල්පෙ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

පොලීසය පැවසුවේ, අඩි 15 ක් පමණ උස පස් කන්දකට යටවීමෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව යි.

අනතුරට පත් වූ පුද්ගලයා දැඩි පරිශ්‍රමයකින් ඉන් ඉවත් කර ගැනීමෙන් අනතුරුව දෙමෝදර රෝහලට ගෙනගොස් ඇති අතර, එහිදී ඔහු මිගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි ඇල්ල, අරාව ප්‍රදේශයේ පදංචි දෙදරු පියෙකි.

Share this: