පවුල් ලක්ෂ 29කට රජයෙන් නොමිලේ සහල්!

පවුල් ලක්ෂ 29කට රජයෙන් නොමිලේ සහල්!

අද (27) සිට පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් බෙදා හැරීම රජය විසින් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙම සහල් බෙදා හරිනු ලබන්නේ මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් මිලදී ගත් වීවලින් සහල් බවට පත් කරමිනි.

මීට අමතරව සෑම පවුලකටම මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2ක කාලයක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඉල්ලීම පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බෙදා හැරීම සිදු කෙරේ. දේශීය ගොවීන්ට සහය වීම සහ අවශ්‍යතා ඇති පවුල් සඳහා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා මෙම වැඩසටහනේ වැදගත්කම කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.

Share this: