පවුල් ආරවුලක් නිසා සැමියා විසින් සුරූපී බිරිදව ඝාතනය කරයි

පවුල් ආරවුලක් නිසා සැමියා විසින් සුරූපී බිරිදව ඝාතනය කරයි

කෑගල්ල, මිල්ලන්ගොඩ, ලඹුටුව ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් 23 හැවිරිදි කාන්තාවකට ඇගේ සැමියා විසින් මොට ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මියගිය කුමුදුනී දේශානි රණසිංහ නමැති කාන්තාව එක්දරු මවක් බවයි පොලිසිය පැවසුවේ.

අරණායක පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන විට ඇයගේ නිවසේ මුළුතැන්ගෙයෙහි ලේ විලක් මැද වැටී සිටියදී ඇය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අරණායක පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ප්‍රහාරයට යොදා ගත් බවට සැක කෙරෙන මොට අවිය ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අපරාධය සිදුකළ බවට සැක කෙරෙන වින්දිත දැරියගේ සැමියා අරණායක පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

Share this: