පර‍වියෙක් නිසා මරණයක්

පර‍වියෙක් නිසා මරණයක්

පරවියෙකු නැති වීමක් සම්බන්ධයෙන්, දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් වැලිගම, මිදිගම, තුර්කිගම්මානයේදී පුද්ගලයකු මියගොස් තිබේ.

මෙයට හේතුව, පරවියෙකු සම්බන්ධයෙන් මරණකරුවාගේ පුතා සහ තවත් අයෙකුගේ පුතෙකු අතර හටගත් ආරවුලක් දුරදිග යාමෙන් බව සදහන්වේ.

වැලිගම පොලිසිය සඳහන් කළේය, සැකකරුවන් දෙදෙනා, උදැල්ලකින් සහ ක්‍රිකට් පිත්තකින් පහරදී අදාළ ඝාතනය සිදුකළ බවත්, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්බවත්ය.

මියගිය පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මාතර මහරෝහල වෙත යොමු කර ති‍ෙබ්.

Share this: