පරිසර ඇගයීම් වර්තාවේ නිර්දේශ ලැබෙන තෙක් වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි යැයි වැවිලි කර්මාන්ත ඇමැති පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පරිසර ඇගයීම් වර්තාවේ නිර්දේශ ලබානොගෙන පසුගිය රජය වරාය නගරයේ ඉදී කිරීම් අරඹා ඇති බවත් එහෙයින් මෙම තීරණය ගත් බවත් ඇමැතිවරයා කීවේය.
පරිසර ඇගයීම් වර්තාවේ නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර අවසන් තීන්දුව නව රජය ගන්නා බවත් ඒ මහාතා ප්‍රකාශ කළේය. නගරයේ ඉදිකිරීම් නතර කිරීමට තීන්දු කළ හොත් එහි පාඩුව නොකඩවා වරාය නගරයේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම් දැරිය යුතු බවද ඒ සම්බන්ධයෙන් රජය වගනොකියන බවද වැඩි දුරටත් පැවසීය.
Share this: