මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසන්නේ, ජනතා නියෝජිතයින්ට ජනවරම ඔප්පුවකින් ජනතාව ලියලා දී නැති බව සහ ජනතාව ප්‍රතික්ෂේප කළදාට තනතුරුවලින් ඉවත්විය යුතුබත්ය.
ගලේවෙල පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් හමුවකදි අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
තවද අමාත්‍යවරයා පැවසුවේ අද වන විට මේ රට අලුත් රජයක් යටතේ සංවර්ධනය මෙන්ම ජනතාවට සුවිශේෂ ප්‍රතිලාභ ලබාදෙමින් කටයුතු කරමින් තිබෙන බවත් විපක්ෂයේ පිරිස් විසින් මෙය කඩාකප්පල්කිරිමට උත්සහ දරනබවත්ය.
එළැඹෙන ඕනැම මැතිවරණයකට පක්ෂයක් විදිහට මුහුණ දෙන්න සුදානම් බවද, විපක්ෂය පරදින බව දන්න නිසා තමයි මේ විවිධ දේවල් කරන බව ද අමාත්‍යවරයා පැවසිය.
ජනමතයට හිස නමා කටයුතු කිරිම ජනතා නියොජිතයින්ගේ වගකිමක්බවත් මේ රට අලුත් ගමනකට අවතිර්ණ වි සිටින මොහතේ එය කඩාකප්පල් කිරිමට ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ජනතා නියෝජිතයින් පාර්ලිමෙන්තුවේත් ඉන් පිටතදිත් කටයුතු කිරිම කණගාටුවට කරුණක් බව තවදුරටත් හෙතෙම පැවසිය.
හිටපු විපක්ෂ නායක මංගල ප්‍රියශාන්ත මහතා ඇතුලු ක්‍රියාකාරින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.