පතල් හෑරූ 4ක් දැලේ

පතල් හෑරූ 4ක් දැලේ

කිරිඳිවැල, මීතිරිගල හද්දුවත්ත ප්‍රදේශයේ, බලපත්‍ර නොමැතිව පතල් කැණීම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ, පූගොඩ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද, පතල් කැනීම් සඳහා යොදා ගන්නා ලද උපකරණ තොගයක් ද එහිදී පොලිසිය බාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මීතිරිගල පූගොඩ, කොස්ගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 21,31,34 සහ 41 යන වයස්වල පසුවන අය බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් අද පූගෙඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: