ඊයේ (23) ශ්‍රී ලංකාව සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු සිව්වන එක්දින තරඟයේ ජය හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වීය.
කාසියේ වාසිය ලබා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 256ක් ලබා ගත අතර, එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න ලකුණු 90ක් ලබා ගැනීමට සමත්විය.
තිලකරත්න දිල්ෂාල් ලකුණු 50ක් රැස්කරගෙන තිබිය දී දැවී ගියේය..
ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම කඩුළු 3ක් පමණක් දැවී පන්දුවාර 40.5කදී ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී.
එහිදී අහමඩ් සේහෂඩ් ලකුණු 95 ලබාගත් අතර, මොහොමඩ් හෆීස් ලකුණු 70 ලබගත්ය.
තරගේයේ විරයා මොහොමඩ් හෆීස් ට හිමිවුනු අතර, 5 වන එක්දින තරගය 26 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජත්යන්තර ක්‍රිකට් ක්‍රිඩාන්ගනයේදී පැවැත්වෙනු ඇත.
Share this: