“පක්‍ෂය බෙදිල නෑ: මගේ කලකිරීමකුත් නෑ, – සියල්ල හොඳින් විසඳෙයි ” මීගමුව බන්ධනාගාරයට පැමිණි – සජිත් කියයි

“පක්‍ෂය බෙදිල නෑ: මගේ කලකිරීමකුත් නෑ, – සියල්ල හොඳින් විසඳෙයි ” මීගමුව බන්ධනාගාරයට පැමිණි – සජිත් කියයි

අපි අධිකරණයට ගරු කරනවා. අධිකරණය ගනු ලබන කි‍්‍රයාමාර්ගයන් පිළිබඳව අපි මත පළකරන්නේ නැතැයි එ.ජා.පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

ඔහු එලෙස ප‍්‍රකාශ කළේ මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඞ් භාරයේ සිටින පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සිසිර කුමාර සහ මීගමුව මහනගර සභාවේ හිටපු විපක්‍ෂ නායක රොයිස් විජිත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සුවදුක් විමසා බැලීමට පසුගිය සෙනසුරාදා (21දා) මීගමුව බන්ධනාගාරය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. තවදුරටත් කතා කළ සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීය.

එ.ජා.පක්‍ෂයේ විපක්‍ෂ නායක තනතුර භාර ගැනීම හෝ නොගැනීම ඉදිරියේදී බලන්න පුළුවන්.

මම කලකිරීමට පත්වෙලා නැහැ. පක්‍ෂය බෙදිලත් නැහැ. ඉදිරියේදී සියල්ල හොඳට විසඳේවි.

මට ඡුන්දය දුන්න ජනතාවට ස්තුතිකරමින් රටවටා රැස්වීම් 154 ක් පවත්වනවා. මම ඒ රැුස්වීම් වලදී මගේ සැලසුම් සියල්ල ජනතාවට හෙළිකරනවා. එහිදී ප‍්‍රශ්න ඇති අයට මා විසින් පිළිතුරු ලබා දෙනවා.

අපි එකමුතුවී වැඩ කළහොත් පාර්ලිමේන්තු මැතිවරණය ජයගත හැකියැයිද සජිත් පේ‍්‍රමදාස මහතා තවදුරටත් පැවැසීය.

Share this: