මා තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කළ අයෙකු තවත් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සම්මේලනයකට අද (23) පෙරවරුවේ සහබාගි වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.
සම්මේලනය මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වෙනත් එවැනි අයෙක් පක්‍ෂයේ සිටී නම් තමන්ට පවසන ලෙස එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ය.
තවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තමාගේ පක්‍ෂය බවත් එය බෙදා වෙන් කිරීමට තමා කිසි විටෙකත් කටයුතු නොකළ බවත් ජනාධිපතිතුමා සිහිපත් කළේය.
එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළමුව සන්ධානගත කරවූයේ තමන් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ලද්දේ පක්ෂය වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරන බවයි.
අද රට දිනවීමේ මෙන්ම පක්‍ෂය දිනවීමේ වගකීමද තමා වෙත පැවරී ඇතැයි පැවසු ජනාධිපතිතුමා පක්‍ෂය කඩා විසරවීමට ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙසද සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළහ.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, විජිත් විජිතමුණිද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.