පක්ෂ මාරුව රාජිතට දතක් ගලවනවා වගේ

පක්ෂ මාරුව රාජිතට දතක් ගලවනවා වගේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, පක්ෂ මාරු කිරීම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට දතක් ගලවනවාට වඩා ලේසි වැඩක් බවයි

ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

රාජිත සේනාරත්න මහතා දේශපාලනයට පැමිණිදා සිට අද වනතුරු ඔහු 9 වරක් පක්ෂ මාරු කර ඇති බවත්, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, බහුජන නිදහස් පෙරමුණ යන පක්ෂ නියෝජනය කළ ඔහු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, නැවත එක්සත් ජාතික පක්ෂයටත්, නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ යළි එක්සත් ජාතික පක්ෂයට පැමිණ ඇති බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Share this: