සියලුම පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20) දිනයේ පැවපැත්වීමට නියමිතව ඇත.
පෙරවරු 10.00 ට මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර, මෙම පක්ෂ නායක රැස්වීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, මැතිවරණ නිත්‍ය නියෝජිතයන්, පොලිස් නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.
තවද මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම නියෝජිතයන් මැතිවරණ කොමසාරිස්වරයා හමුවන දෙවන අවස්ථාව මෙය වනු ඇත.
අද දිනයේදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී දේශපාලන පක්ෂ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ අවධානය යොමුවන අතර, එළඹෙන මහ මැතිවරණය සඳහා නිත්‍ය නියෝජිතයන් පත් කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතව ඇත.
Share this: