පක්ෂයෙන් ඉවත්ව යාම හොරුන් එක්ක ඉන්නවට වඩා හොඳයි

පක්ෂයෙන් ඉවත්ව යාම හොරුන් එක්ක ඉන්නවට වඩා හොඳයි

පක්ෂයෙන් ඉවත්ව යාම හොරුන් එක්ක ඉන්නවට වඩා හොඳ යැයි යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
කුමක් වුවත් බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තමන්ගෙන් ඉවත් කළ නොහැකි බව මහර, ගොංගිතොට හි පැවැති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේය.

“දුරකථන පණිවිඩයකින් දැන ගත්තා මාවත් ශ්‍රී ලංකා නිහස් පක්ෂයෙන් ඉවත් කරයි කියලා. මම ඒකට කනගාටු වෙන්නේ නැහැ. මොකද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක ගැන කනගාටු වෙන්න ඕන. අද සුසිල් ප්‍රේම්ජයන්තලාට ඒවගේම අනුර ප්‍රියදර්ශනයාපලාට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැයිස්තුව අත්සන් කරන්න පුළුවන් නම්, මේ කුඩුකාරයින්ගේ නම්, කැසිනෝකාරයින්ගේ නම්, ස්ත්‍රී දූෂකයින්ගේ නම්, මිනීමරපු අයගේ නම්, ඒ විතරක් නෙමෙයි එතනෝල්කාරයින්ගේ නම්, හිරගෙදරට ගිහිල්ලා හිරගෙදර මිනී මරන අයගේ නම් අත්සන් කරන්න පුළුවන් නම්, ඒ අත්සන එක්කම මගේ නම මේ පක්ෂයෙන් ඉවත් කළා කියලා මම කනගාටු වෙන්නේ නැහැ. මොකද මේකේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැහැ. මේකේ තියෙන්නේ දූෂණ ප්‍රතිපත්ති.

මම පක්ෂ දේශපාලනය බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවුලක කෙනෙක්. නමුත් මේ පක්ෂ දේශපාලනය නිසා තමයි රට විනාශ වෙන්න ගත්තේ. අපි කඩා ගන්නවා. කොටා ගන්නවා. බෙදා ගන්නවා. නමුත් වැඩක් කරන්න ඕන නම් මම කටයුතු කරන්නේ පක්ෂත් එක්ක නෙමෙයි, රටේ අවශ්‍යතාවයත් එක්ක. ඒ නිසා තමයි එක්සත් ජාතික පෙරමුණත් එක්ක මේ රට ජයග්‍රහණය කරන වැඩපිළිවෙළට මොනම ලාංඡනයකින් හරි ඉදිරිපත් වනවා කියලා අපි තීරණය කළේ.”
-අර්ජුන රණතුංග මහතා

Share this: