ව්‍යාජ මුදල් සමග සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාඇල දුම්රිය පටුමඟ මාර්ගයේදී ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු පරිහරණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
තවද මින් එක් සැකකරුවෙකු 28 හැවිරිදි වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සතුව තිබි ව්‍යාජ ඉන්දීය රුපියල් දහසේ නෝට්ටු 25ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අනෙක් සැකකරු ත්‍රීකුණාමලය මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සතුව තිබී ව්‍යාජ ඉන්දීය රුපියල් දහසේ නෝට්ටු 156ක් හා ව්‍යාජ ඉන්දීය රුපියල් 500 නෝට්ටු 66ක් සොයා ගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
තවාද සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශන වලදී ඔවුන් ශ්‍රී ලංකා මුදල් රුපියල් දෙලක්ෂ 71,600ක් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.