නොසැලකිල්ලෙන් සිදුවූ අනපේක්ෂිත අනතුර!

නොසැලකිල්ලෙන් සිදුවූ අනපේක්ෂිත අනතුර!

වැලිගම ඇල්ෆා රාජ්‍ය පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු පසුගිය 12/13 වැනිදා පාසල් ගේට්ටුව ඉදිරිපිටදී හදිසියේ මාර්ගය හරහා ගමන් කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිගම වලාන රජයේ රෝහලටත් පසුව මාතර මහ රෝහලටත් රැගෙන ගොස් ඇත.

පාසල ඉදිරිපිට මෙලෙස විවිධ සිද්ධීන් ඇති වී ඇති අතර එම ස්ථානයේ සුදු ඉරි හෝ බාධක යොදන ලෙස දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Share this: