නේපාලයේ සහන කටයුතුවල නිරතවූ සහන කණ්ඩායම් ඇගයීම සහ ප්‍රසාද සහතික පත් පිරිනැමීම ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සහන කණ්ඩායමේ නායකත්වය දැරු මේජර් ජනරාල් මෛත්‍රි ඩයස් මහතා ඇතුථ නිලධාරිහු මෙහිදී ජනාධිපතිතුමා අතින් ප්‍රසාද සහතික පත් ලබා ගත් අතර ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත සමරු තිළිණ ප්රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද ඇගයීමට ලක්වූ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥතින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Share this: