නේපාලයේ ගිය අපේ හමුදා පිරිස්

නේපාලයේ ගිය අපේ හමුදා පිරිස්

ශ්‍රී ලංකා ආධාර කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසන්නේ, නේපාලයේ සහන සේවා කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලංකා හමුදා භට පිරිස් පුද්ගලයින් 2000කටත් අදීකටත් පිරිසකට ප්‍රතිකාර ලබාදී ඇති බවයි.

තවද ඒ මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම කණ්ඩායම භූ කම්පාවෙන් හානියට පත් මාර්ග පිළිසකර කරමින් නේපාලයේ දුෂ්කර ගම්මාන වෙත ළඟාවෙ‍‍මින් සිටින බවයි.

විශේෂයෙන්ම ඉංජිනේරු කණ්ඩායම් නේපාලයට ළඟාවීමත් සමඟ සිය සහන කටයුතු පුළුල් කර ඇති බව ඔහු පවසා ඇත.

තවද මේ වන විට පුද්ගලයින් 500කට අධික පිරිසකට ශල්‍යා වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවද ඒ මහතා විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

Share this: