නේපාලයට මෙරටින් භාණ්ඩ රැගෙන ගිය ගිය යානයේ කාර්මික දෝෂයක්!

නේපාලයට මෙරටින් භාණ්ඩ රැගෙන ගිය ගිය යානයේ කාර්මික දෝෂයක්!

නේපාලයට සහන දෙන්න ගිය යානයේ කාර්මික දෝෂයකට ලක්ව තිබේ. කත්මණ්ඩු ගුවන්තොටුපළේ ඒ අනුව අදාළ ගුවන්යානය මේ වන විට නවතා ඇති බව වාර්තාවෙයි.
මෙම ගුවන්යානය ඊයේ උදෑසන 5.20ට පමණ දිවයිනෙන් පිටත්ව ගියේ නේපාලයට බලපෑ භූ කම්නයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය භාණ්ඩ රැගෙනයි.

විශේඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 44 දෙනෙකු එම ගුවන් යානය තුළ සිට තිබේ.

ගුවන්යානය සුළු කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත්, එය සකස් කිරිම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර රැගෙන ඇති බවත් ඒ අනුව අද පස්වරුවේදී ගුවන්යානය මෙරටට පැමිණිමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Share this: