නෙළුම් කුලූන අද විවෘත වෙයි

නෙළුම් කුලූන අද විවෘත වෙයි

දකුණු ආසියාවේ උසම කුලූන වන නෙළුම් කුලූන අද (16) විවෘත වේ.

මේ සඳහා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතය. මීටර් 350 ක උසින් යුතු නෙළුම් කුලූනේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 104.3 ක් වැය වී ඇති අතර, චීන රජය විසින් මේ මුදල් ලබා දී තිබේ.

කොළඹ ඞී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි හෙක්ටයාර 3.6 ක භූමියක මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර තිබේ. නෙළුම් කුලූන සිව්මහල් කුඩා පීඨිකා සහිත නිදහස් ස්ථාවර කුලූනකින් ද මධ්‍යම විශ්කම්භය සහිත ආධාර කුලූනු දෙකකින් ද මහල් 8 ක් සහිත කුලූනු ශීර්ෂයකින් ද සමන්විත වෙයි. ඊට අමතරව වානේ රාමුව සහිත ඇන්ටෙනා කුඹයකින් ද සමන්විත මෙය මහල් 9කින් සමන්විතය. නැරඹුම් මැදිරියක්, කැරකෙන භෝජනාගාරයක්, අමුත්තන් 1,000 කට සහභාගි වියහැකි ශාලාවක්, ගිනි අනාවරණය කිරීම හා ගිනි නිවීමේ අංශ, අධි සංචිත ටැංකි හා විදුලි සංදේශ උපකරණ රැුසකින් ද සමන්විත වෙයි.

view-of-the-lotus-tower

මේ කුලූනේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ගුවන් විදුලි සේවා සපයන්නන් 50 කට, රූපවාහිනි සේවා සපයන්නන් 50 කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන් 20 කට පහසුකම් ලබාගත හැකිවන අතර ඒ මගින් කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත කර තිබෙන එෆ්.එම් ඇන්ටෙනා අවම කිරීමට හැකිවන බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මේ මගින් සියලූ සම්පේ‍්‍රෂණ එකම ගුණාත්මක තත්ත්වයක් යටතේ සියලූ ශ‍්‍රාවකයන්ට එකවර විකාශය කිරීමට හැකිවන අතර එහි අතුරුඵලයක් ලෙස දැනට ක‍්‍රියාත්මක සම්පේ‍්‍රෂකයන්ගේ මෙහෙයුම් ගාස්තුද අවම කරගත හැක.

මෙහි බිම් ප‍්‍රමාණය වර්ග මීටර 30,600ක් පමණ වන අතර මෙහි පාදම නිර්මාණය කරන විට මීටර් 20 ක් පහළට පොළව හාරා නිර්මාණය කිරීම ආරම්භ කර ඇත. නෙළුම් කුලූන ව්‍යාපෘතියේ දෙවැනි අදියර වශයෙන් ‘ටීම් පාක්’ නමින් විනෝදාස්වාදය සපයන අලංකාර උද්‍යානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර වාහන 2000 ක් රැුඳවිය හැකි භූගත රථගාලක්, සාප්පු සංකීර්ණයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවන් එහි ඉදිවීමට නියමිතව පවතියි. ඉතා සහනදායී මිල ගණන් යටතේ මෙම උද්‍යානයේදී විනෝදාස්වාදය ලබාගැනීමට අනාගතයේ දී හැකිවනු ඇති බව සඳහන්ය.

Share this: