ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෙදර්ලන්ත ජාතිකයින් පස් දෙනෙකුට එරට අධිකරණයක් මඟින් සිරදඬුවම් නියම කර තිබේ.
මීට හේතුව වී අතේ, එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර අනුබල ලබාදීම බව, අනාවරණය වී ඇත.
තවද, චෝදනා දෙකක් යටතේ සැකකරුවන්ට මාස 19 ක සහ වසර 06 ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2003 සහ 2010 අතර කාලයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකත්වය දැරීම සහ එම සංවිධානයට මුදල් එක්රැස් කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබින.
මේ සම්බන්ධයෙන් අදාළ නෙදර්ලන්ත ජාතිකයින් 05 දෙනාට එරෙහිව 2011 වසරේදී නඩු පවරා තිබුනු බව සදහන්ය.
යුරෝපා සංගමය විසින් 2006 වසරේ සිට තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර අනුබල ලබාදීම හේතුවෙන් ඔවුන්ට සිරදඬුවම් නියම කිරීමට එරට අභියිචනාධිකරණය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share this: