20/20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට නෙදර්ලන්තය කණ්ඩායමට හැකි විය.
ඊයේ(06) ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ පැවති තරඟයෙන් නෙදර්ලන්තය ලකුණු 13කින් ජය ගැනීමට සමත්විය.
එම නිසා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම දකුණු අප්‍රිකාවට අහිමිවෙයි.
නෙදර්ලන්ත කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දී කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණක් ලබාගත්තේය.
මෙම නිසා පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාව හිමිව තිබේ.
Share this: