නුවර රැළියට ගිය මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

නුවර රැළියට ගිය මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ, මහනුවර ප්‍රදේශයේ පැවති රැස්වීමට සහභාගී වූ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර අති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලෙක්ම්වරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇතේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා බවට පත්කළ යුතු බවට යෝජනා කරමින් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මෙම රැළිය පවත්වනු ලැබුණි.

පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණය උල්ලංඝණය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහභාගී වී සිටි බව ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

Share this: