පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ, ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දුරකථනය නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේ තරුණයෙකු ළඟ තිබියදී සොයාගත් බවයි.
තාජුඩීන්ගේ රථය අනතුරට ලක්වූ නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ පිහිටි උත්සව ශාලාවක හිමිකරුවෙකුට එම ජංගම දුරකථනය හමුවී ඇති අතර, ඔහු එය සිය පුතාට ලබාදී ඇත.
තාජුඩීන්ගේ මුදල් පසුම්බිය හමුවු ස්ථානය ආසන්නයේ එය තිබී ඇතැයිද ඒ මහතා කියා සිටි අතර, මේ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය මිට සති 3ට ඉහතදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇති බවද ඒ අනූව ඔවුන් මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ කරන බවද රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
Share this: