නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ගැන පැසසුම්

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ගැන පැසසුම්

ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂාව භාර අමාත්‍යවරයා පවසන්නේ, මුහුදු මඟින් සිදුකෙරෙන නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සහ රටතුල ප්‍රජාතාන්ත්‍රීය වෙනස්කම් සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති සාධනීය පියවර සම්බන්දයෙන් සතුටු වන බවයි.

මේ බව ප්‍රකාශයට පත්වුනේ, මෙරට සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු ආගමන විගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය පීටර් ඩුටෝන් මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක ආමාත්‍යංශයේදී පැවැත්වුනු අතර තුර දීය.

තවද, මෙහිදී අමාත්‍යවරයා සහ පීටර් ඩුටෝන් මහතා අතර දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම නියෝජිත පිරිසට ආගමන විගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂාව පිළිබඳඅමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා දේශ සීමා පිළිබද මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් ඇන්ඩෲ බොට්ට්‍රෙල්, අමාත්‍ය උපදේශක හා දකුණු ආසියානු කළාපීය අධ්‍යක්ෂ ජෝස් ඇල්වරේස්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කපිතන් ජේසන් ෂියර්ස් යන නියෝජිතයන් පිරිසක් සහභාගි විය.

මෙම අවස්ථාව සිහිවීම පිණිස ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් විසින් පීටර් ඩුටෝන් මහතා වෙත සමරු තිළිනයක් ද පිරිනමන ලදි.

Share this: