නීතිපතිගේ ප‍්‍රතිශෝධන අයදුම්පත සලකා බැලේ රාජිතට නොතීසි – ලබන 17දා උසාවි කැදවයි

නීතිපතිගේ ප‍්‍රතිශෝධන අයදුම්පත සලකා බැලේ රාජිතට නොතීසි – ලබන 17දා උසාවි කැදවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතාට ලබන 17 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (13 දා) පස්වරුවේ නියෝග කළේය.

රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් පසුගිය 30 වැනිදා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ප‍්‍රතිශෝධන අයදුම්පත සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. 04 – පිටුවට

පසුගිය නොවැම්බර් 10 වැනිදා සුදු වෑන් මාධ්‍ය හමුවක් පවත්වා පැහැර ගැනීම් මිනී මැරීම් හා සොරකම් කිරීම් ඇතුළු බරපතළ සිද්ධීන් රැුසක් අනාවරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තු නියෝග අනුව පසුගිය 27 වැනිදා පස්වරු 2.10 ට නාරාහේන්පිට ලංකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම්කොට තිබූ රාජිත සේනාරත්න මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට හෝ අවසර නොතිබූ පසුබිමක තම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ විරෝධතා පවා නොතකමින් උගත් මහෙස්ත‍්‍රාත්වරිය නිකුත් කළ එම ඇප නියෝගය නිසා ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට දැඩි බාධාවක් වී ඇතැයි නීතිපතිවරයා එම ප‍්‍රතිශෝධන අයදුම්පත මගින් මහාධිකරණයට පෙන්වාදී තිබිණි.

යම්කිසි සිද්ධියක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකදී ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වනුයේ ගරු අධිකරණය බවත් එමගින් මහාධිකරණයට පෙන්වා දී තිබූ නීතිපතිවරයා විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීම ගරු අධිකරණයේ ප‍්‍රධාන වගකීම හා යුතුකම බවත් පෙන්වාදී තිබිණි.

එසේ තිබියදීත් ප‍්‍රධාන සැකකරු වන රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන දින තුනක් යෑමටත් මත්තෙන් සිදුකළ එම ඇප නියෝගය අවලංගු කරන ලෙසටද මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඔහුගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛi නිලධාරිවරයා මගින් වෛi වාර්තාවක් කැඳවන ලෙසට පැමිණිල්ල දෙවරක්ම කළ ඉල්ලීමද ප‍්‍රතික්‍ෂේප කර එම ඇප නියෝගය නිකුත් කර ඇති බවද නීතිපතිවරයා වැඩිදුරටත් මහාධිකරණයට පෙන්වාදී තිබිණි.

Share this: