වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු සුපිරි වෙළෙඳසල් වසා දමන බවත් ඇඳිරි නීති සමයේ ඖෂධ ලබාගැනීමට පවතින අවසරය අවභාවිත කරමින් ජනතාව අනවශ්‍ය පරිදි අද දිනයේ එළිමහනේ ගැවසුණ බවත් එම නිසා නීති තද කිරීමට පියවර ගත් බවත් නි.පොලිස්පති අජිත් රෝහණ මහතාගේ විශේෂ ප්‍රකාශයකින් දන්වා ඇත. ඒ අනුව කිසිවෙකු නීතියට පටහැණිව වෙළෙඳසල් විවෘත කර තිබේ නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන බවද දැන්වීය.
එක්රැස්වීම මෙන්ම නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු තවම අවසන් නැති බව ඔහු වැඩි දුරටත් පැවසීය.
සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචි වීමට කාලයක් දුන්නද කිසිවෙකු තවම ලියාපදිංචි වී නැති බවත්, තොරතුරු වසන් කළ බවට අනාවරණය වී ඇති රෝගීන් 3 දෙනෙකු ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නට අද පියවර ගත් බවත් ඔහු දැන්වීය.
දැනට 26000 ක් පමන ලියාපදිංචි නිරෝධායන වීම් සිදුවන බවත් තොරතුරු නොසගවන ලෙසත් ඇදිරි නීතිය වේලාවේ නිසි පරිදි හැසිරෙන ලෙසත් ඔහු මෙම නිවේදනයේදී ඉල්ලා සිටියේය.