නි.ඇමතිවරු 3 දෙනෙක් ඉල්ලා අස්වෙයි

නි.ඇමතිවරු 3 දෙනෙක් ඉල්ලා අස්වෙයි

ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් තම නියෝජ්‍ය අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වී ඇත.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී කියා සිටියේ, ශ්‍රීලනිපයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකරන ලද විශේෂ ප්‍රකාශයට විරෝධය පාමින් තමන් නියෝජ්‍ය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වූ බවයි.

ජනාධිපතිවරයා ශ්‍රීලනිප නායකත්වය දරමින් එළඹෙන මහමැතිවරණයේදී නිර්පාක්ෂිව සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් මෙන්ම සන්ධානය මහමැතිවරණයෙන් පරාජය වන බවට ඉඟි කිරීම ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට බලවත් හානියක් බව ඇය සඳහන් කළාය.

ඒ අනුව තමන් ඇතුළු ලසන්ත අලගියවන්න, එරික් වීරවර්ධන යන අයත් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට යොමු කළ බවත්, ඒවා බාර නොගත් බවට දැනුම්දීමක් කර නොමැති බවත්, එබැවින් තම ඉල්ලා අස්වීම නීත්‍යනුකූලව සිදුව ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මිය අවධාරණය කළාය.

Share this: