නිහඬ මැතිවරණ කාලයේදී උපවාස කිරීම තහනම්

නිහඬ මැතිවරණ කාලයේදී උපවාස කිරීම තහනම්

මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමවූ (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

මැතිවරණය පැවැත්වෙන නිහඬ කාලයේදී කිසිඳු පුද්ගලයෙකුට හෝ උපවාස ආදිය සිදුකිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කළ බවද ඔහු පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (13) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.

සමහරු මාරුවෙන් මාරුවට උපවාස කරනවා.ඒකෙන් කිසියම් අපේක්ෂකයෙකුට අගතියක් වෙන්න ප්‍රළුවන්.තව කෙනෙකුට වාසියක් වෙන්න පුළුවන් යැයි ඔහු කීය.

Share this: