නිහඬ කාලය සමග රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

නිහඬ කාලය සමග රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය අවසන් වී නිහඬ කාලය ආරම්භවීමත් සමග රට පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුම් ද ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි කැරලි මර්දන නිලධාරීන් ද අනියුක්ත කිරීමට නියමිතය.

ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමතර පොලිස් මාර්ග බාධක යෙදවීමට ද කටයුතු කරනු ඇත.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක සම්පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා අනියුක්ත කර සිටින මුළු පොලිස් නිලධාරීන් ගණන 60,175 දෙනෙකු බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

Share this: