නිවැසියන් බියවද්දා නිවසක් කොල්ලකෑ සොරුන්!

නිවැසියන් බියවද්දා නිවසක් කොල්ලකෑ සොරුන්!

ගැලනිගම බටකැටිය ප්‍රදේශයේදී අවි ආයුධ පෙන්වා නිවැසියන් භීතියට පත් කර නිවසක් කොල්ලකෑ සැකකරුවන් හය දෙනෙකුගෙන් පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 06 වැනිදා මෙම කොල්ලය සිදුව ඇති අතර හිමිකරු විදේශගතව සිට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ නිවැසියන් වන්දනාවේ ගොස් 6 වැනිදා සවස නැවත නිවසට පැමිණි බවයි.

නිවසට පැමිණි විගස තියුණු ආයුධයකින් නිවසට කඩා වැදුණු කොල්ලකරුවන් අඹුසැමි යුවළගේ දෑත් බැඳ රන් ඇතුළු දේපළ කොල්ලකා පලාගොස් තිබෙනවා.

Share this: