පලිගැනීම් මත නිවාස හා සමෘද්ධිය නොලැබුණු අයට සමෘද්ධිය දෙනවා

පලිගැනීම් මත නිවාස හා සමෘද්ධිය නොලැබුණු අයට සමෘද්ධිය දෙනවා

සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ දේශපාලන හේතු නිසා සමෘද්ධි සහනාධරය නොලැබූවන්ට සමෘද්ධි සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවයි.

තවද, දේශපාලන හේතු නිසා සමෘද්ධි සහනාධරය කපා ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳව සොයා බැලීමට සමීක්ෂණයක් සිදු කරන බව ද කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවැන්න මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්, අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී,

තවද පසුගිය දශකය තුළ එ.ජා.ප හා ජ.වි.පෙ කියලා සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු කොටසක් ලෙස නම් කර තිබූ බවත්, ඒ අයට මුද්දර ලබා දෙන්න කටයුතු කරන බවත්, ඒ මහතා පැවසීය.

මෙම සමෘද්ධි සහනාධාරය සියයට දෙසීයකින් වැඩි කරන බවත්, මේ රටේ ජනතාවට ඓතිහාසික පැකේජයක් ලබාදෙන බවත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් ද යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තවද දිවි නැඟුම දෙපාර්තමේන්තුව එදා සිදු කළේ ලිත් ගහපු එක බවද, පසුගිය කාලයේ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන්ට රුපියල් 50,000ක් ණය ලෙස ලබා දුන්නේ, දිවි නැඟුම පොඩි මිනිහාගේ සහ සමෘද්ධිලාභීන්ගේ සල්ලි බවද, ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this: