නිරෝධායන ඇඳිරි නීතිය සහ හුදෙකලා කිරීම (lockdown) අතර ඇති වෙනස පිළිබඳව බොහෝ දෙනෙකුට ගැටලු මතු වී තිබෙන ගැටළුවක්.
පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඒ පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැහැදිලි කිරීමක් කළා.
ඒ අනුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල යම් අයෙකුට (අත්‍යවශ්‍ය සේවා) ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගෙන එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.
නමුත් හුදෙකලා කිරීමක් (lockdown) කර ඇති ප්‍රදේශයක එසේ කටයුතු කළ නොහැකි බව ඒ මහතා සඳහන් කළා.
ඒ අනුව, සෞඛ්‍ය අංශ විසින් සිදු කරනුු ලබන කටයුතු පමණක් එහි කිරීමට අවසර ලැබෙන අතර අදාළ ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශවලින් පිටවීමට හෝ වෙනත් අයෙකුට එම ප්‍රදේශ වෙත ඇතුළු වීමට අවසර නොලැබේ.
සුවිශේෂ ම අවස්ථාවකදී අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබා ගන්නා සහතිකයක සලකා බලා එම අවස්ථාව සඳහා අවසර ලබා දීමට ඉඩ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
(උදාහරණ: මරණයක් වැනි අවස්ථාවලදී ළඟ ම ඥාතියෙකු නම් පමණක්.)
ඒ අනුව, හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව නිවෙස් තුළට ම වී සිටිය යුතු වනවා.
ඊට අමතරව, එම ප්‍රදේශවල කඩ සාප්පු විවෘත කිරීම සඳහා ද අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.